රෝස පාට ත්රීවිලයක් අරන් ත්‍රිකලා ආයෙත් කරළියට

ත්‍රිකලා ධරණි කියන්නේ කාලෙන් කාලෙට විවිධ පුවත් මවන කෙනෙක් කියලා ඔයාලා දන්නවා ඇතිනේ.
හැබැයි ත්‍රිකලා මවන පුවත් වෙන අය වගේ ආවාට ගියාට මවන දේවල් නෙමේ. ඇය මවන පුවත්වලින් අනෙක් හැමෝටම ගන්න දෙයක් තියනවා කියන එක හැම කෙනෙක්ම දන්න කරුණක්.
ඉතිං ත්‍රිකලාගේ රෝසපාට මෝටර් රථය ගැන ඒ දවස්වල සමාජයේ වගේම ශෝෂල් මීඩියා ඇතුළෙත් ලැව් ගින්නක් වගේ පැතිර ගියා ඔයාලට මතක ඇති.
දැන් ත්‍රිකලා ආයෙත් රෝස පාටට බැහැලා. ඒ නිකන් නෙමේ ලොකුම ලොකු සමාජ සත්කාරයක් ද අරගෙනයි.
ඇගේ රෝසපාට ත්‍රීවිල් රථයෙන් මහරගම අපේක්ෂා රෝහල, ඇස්වාට්ටුව, මහ රෝහලට දවසට තුන් වතාවක් රෝගීන් ප්‍රවාහනය කරනවා.. සල්ලිවලට නෙමේ සම්පූර්ණයෙන්ම නොමිලයේ....
ඔව්... ඇත්තටම නොමිලයේ කරන මේ සමාජ සත්කාරය ඉතිං අගයන්නම ඕනේ.. ඉතිං මේ ගැන ඇය සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහන් කර තිබුණා....
"නොමිලේ පොදු ප්‍රවාහන සේවය රිජ්වේ ආර්යා ළමා රෝහල මහරගම අපේක්ශා රෝහල සහ ඇස් වාට්ටුව මහ රෝහල යන ස්ථාන තුනෙහී දිනකට 3 වතාවක් දියත් වන බවත්,
සම්පූර්ණයෙන් රෝස පැහැති (204-1997) අංක දරන ත්‍රීවීල් රථය විශ්වාසනීය රියදුරු මහත්මයෙක් සමග මේ සදහා මා යොදවා ඇත.
ගැබිණි මවුවරුන්, පිළිකා ප්‍රතිකාර රෝගීන් සහ කිරි දරුවන් වඩාගත් මව්වරුන් වෙනුවෙන් සහ වියපත් දෙමාපියන් වෙනුවෙන් මෙය දියත් වන අතර ඔවුන්ට අවශ්‍ය බස් මාර්ගය, නිවස හෝ අදාළ මාවත තෙක් රැගෙන යාම සම්පූර්ණයෙන්ම නොමිලේ සිදුවේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට දියත් වන සම්පූර්ණයෙන්ම නොමිලේ පොදු ප්‍රවාහන සේවය ගැන හැකිතාක් ශ්‍රී ලංකා වාසීන් දැනුවත් කර ඔබත් මේ දුර්ලභ මහා පිංකමේ කොටස්කරුවකු වන්න..."

