රූම් යන මිනිස්සුන්ට බලු වැඩ කරන්න එපා කියලා මට බැන්නා

මේ දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වෙලා යන ටෙලි නාට්‍යක් ගැන ඇහුවොත් හැම කෙනාගෙම මතකයට එන්නේ සිරස ටීවි නාලිකාවේ විකාශය වන "කොටු" ටෙලිනාට්‍යයි.
ඉතිං මේකට හේතුව මොකක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. ඒ තමා ටෙලිනාට්‍යයේ ඉන්න රිසෙප්ෂන් බෝයි ගේ චරිත ලක්ෂණ එක්ක.
ඉතිං මේ චරිතය නිරූපනය කරන්නේ ඉසුරංග ජයකුමාර. නාට්‍ය බලන හැමෝම වගේ ඉසුරංගගේ මේ හැකියාව ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑනේ.
ඉසුරංග ටෙලි නාට්‍ය වගේම වේදිකා නාට්‍යවලත් රඟපාන දක්ෂ නලුවෙක් ඉතිං ඔහු ගැන මාධ්‍යවේදිනි දිල්කි අප්සරා සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදි ඔහු හරි අපූරු දෙයක් කියනවා.
ඒ තමා තමන් මේ රඟපාන ටෙලි නාට්‍යයේ අදාල චරිත නිරූපය නිසාම තමන්ට පාර තොටේදි මිනිසුන් මුහුණට මුහුණ හමු වුණාම බැන වැදිලත් තියනවා කියලා.
ඒ ගැන ඔහු කියලා තියන්නේ මෙහෙම.
"එක දවසක් මම කඩේකට ගියා. ඒ වෙලාවේ එතන හිටපු කෙනෙක් මට බැන්නා රූම්ස්වලට යන මිනිස්සුන්ට බලු වැඩ කරන්න එපා කියලා."
ඉතිං මේ විදිහට තමයි ඉසුරංග රඟපාන කොටු ටෙලිනාට්‍ය නිසා ඔහුට මුහුණ දෙන්න වෙලා තියන අද්දැකීම.
කොහොම වුණත් මේ වෙනකොට ඉසුරංග සමාජ මාධ්‍ය ඇතුළේ හොඳටම ජනප්‍රිය වෙච්ච චරිතයක් වෙලා ඉවරයි මේ නාට්‍යෙය් වෙන වැඩ එක්ක.