පොතක් ඇසුරිණ් නිර්මාණය වූ නාට්‍යයකට අධ්‍යක්ෂක අමුතු වැඩක් කරලා

මෑත කාලිනව අවසන් වූ පොතක් ඇසුරින් නිර්මාණය කරන ලද නාට්ටියකට එහි අධ්‍යක්ෂකවරයා වූ පුද්ගලයා අමුතු වැඩ කිහිපයක් කර ඇති බව අපිට වාර්තා වෙනවා.
වාර්තා වන අන්දමට මෙම අධ්‍යක්ෂකවරයා නිෂ්පාදකවරයාට මුළින් පවසා ඇත්තේ මෙම පොතෙන් නිර්මාණය කරන නාට්ටියට තමන්ට එක්තරා නාලිකාවක විකාශය කර ගැනීමට හැකියාව ඇති බවයි.
ඒ අනුව නිශ්පාදකවරයාව රවට්ටා මුල් කොටස් කිහිපය රූගත කර ඇති මෙම අධ්‍යක්ෂකවරයා පසුව එක්වරම අතුරුදහන් වී ඇත්තේ මුලින් පෙන්විය හැකි රූපවාහිනි නාලිකාවට මෙම නාට්ටිය විකාශය සඳහා යොදා ගත නොහැකි වීමෙන්.
පසුව මෙම අධ්‍යක්ෂකවරයා නිෂ්පාදකවරයාවද මග හැර ගොස් ඇති අතර පසුව අසරණ වූ නිෂ්පාදකවරයා තමන් වියදම් කර නිෂ්පාදනය කළ මෙම නාට්ටිය රූපවාහිනි නාලිකාවෙත ගොස් පෙන්වීමට ඉල්ලා තිබෙනවා.
නමුත් මෙම නාට්ටිය බොහෝ නාලිකා භාර නොගෙන ඇති අතර එක්තරා පෞද්ගලික නාලිකාවක් නිෂ්පාදකවරයාට පවසා ඇත්තේ මෙම නාට්ටයේ කතාව එකම තැන කැරකෙමින් පවතින බවත් ඒ අනුව මෙම නාට්ටිය ඔවුන්ගේ නාලිකාවේ පෙන්වීමට හැකියාව නොමැති බවයි.
මේ අනුව නැවත සුළු සුළු සංස්කරණ සිදුකරමින් නිෂ්පාදකවරයා නාට්ටිය නාලිකා වෙත පෙන්වීමට ගොස් ඇති අතර එහිදී එක් නාලිකාවක් විකාශය සඳහා භාර ගෙන තිබෙනවා.
නමුත් එම නාලිකාවද එක කොටසකට ඔවුන්ගේ නාලිකාවේ ගෙවන ලබන මුදල සඳහන් කර තිබුණු අතර එය නාට්ටියේ කොටසක් නිෂ්පාදනය කරනු ලබන මුදලට වඩා බෙහෙවින් අඩු මුදලක් බවයි වාර්තා වෙන්නේ.
නමුත් තවදුරටත් මෙය පමා කිරීමෙන් පළක් නොවූ නිෂ්පාදකවරයා මෙම නාට්ටිය එම රූපවාහිනි නාලිකාවේ පෙන්වීම සඳහා එකඟ වී තිබෙනවා.
මෙම එකඟවීමත් සමග හිටි හැටියේ අතුරුදන්වූ එම අධ්‍යක්ෂකවරයා නැවත කරලියට පැමිණ තිබෙනවා. එහිදී මෙම කියන අධ්‍යක්ෂකවරයා අදාළ නිෂ්පාදකවරයා සමග ගැටළු ඇතිකරගෙන ඇති අතර නිෂ්පාදකවරයා මුදල් යෙදෙව්වාද නාට්ටියේ සම්පූර්ණ ආධිපත්‍ය මෙම කියන අධ්‍යක්ෂකවරයා තමන් සතු කරගෙන තිබෙනවා.
පසුව නිෂ්පාදකවරයා නාට්ටියේ අධයක්ෂකවරයාව ඉවත් කිරීමට උත්සාහ කර ඇති අතර එයටද හැකියාව නොලැබී ඇති අතර පසුව ඔහුගේ නිෂ්පාදන කණ්ඩායම ඉවත් කිරීමට නිෂ්පාදකවරයා උත්සාහ ගෙන තිබෙනවා.
මීට හේතුව වී ඇත්තේ අධ්‍යක්ෂකවරයාගේ නිෂ්පාදන කණ්ඩායම අසීමිතව මෙම නාට්ටියේ නිෂ්පාදකවරයාගෙන් මුදල් ලබා ගැනීම බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව අධ්‍යක්ෂකවරයා සහ ඔහුගේ නිෂ්පාදන කණ්ඩායම අවම වියදමක් යන ආහාර පාන සඳහාද නිෂ්පාදකවරයා වෙත ඉතාම ඉහළ බිල් යොමු කර ඇති අතර දවසට දෙදෙනෙකු හෝ තිදෙනෙකු රඟපාන අවස්ථාවේදී වුවද අධයක්ෂකවරයා ආහාර පාන සඳහා ඉතාමත් ඉහළ බිල් නිෂ්පාදකවරයා වෙත යොමු කර තිබෙනවා.
මෙවැනි හොර වැඩ කිහිපයක්ම නිෂ්පාදකවරයාට හසුවීමෙන් පසු ඔහු නිෂ්පාදන කණ්ඩායම ඉවත් කර වෙනත් කණ්ඩායමක් යොමු කිරීමට උත්සාහ කිරීමේදී අර සඳහන් අධ්‍යක්ෂකවරයා ඊටද විරුද්ධ වී ඇත්තේ වෙනත් නිෂ්පාදන කණ්ඩායමක් සමග තමන්ට වැඩ කළ නොහැකි බවට නිෂ්පාදකවරයාට චෝදනා කරමින්.
පසුව කරකියා ගත නොහැකිවූ නිෂ්පාදකවරයාට ඒ සඳහා එකඟවීමට සිදුව තිබෙනවා.
තමන්ට අදාළ නාලිකාවේ පෙන්වා ගත හැකි බවට පුරසාරම් දෙඩු මෙම අධයක්ෂකවරයා පසුව පෑල දොරින් පැන ගොස් නිෂ්පාදකවරයා නාලිකාවක් සෙවූ පසු පැමිණ මෙලෙස කටයුතු කිරීම නාට්ටියේ රංඟන ශිල්පීන්ට ද පුදුමය දනවන්නක් වී තිබෙනවා.
එමෙන්ම මෙම නාට්ටියේ මුල් තිරපිටපත ලියූ තිර පිටපත් රචකයා පසුව අධ්‍යක්ෂකවරයාගේ අත්තනෝමතික ක්‍රියා හමුවේ නාට්ටියෙන් ඉවත්ව ගොස් ඇති අතර පසුව වෙනත් තිර පිටපත් රචකයෙක් යොදා ගනිමින් නාට්ටියේ ඉතුරු කොටස් කිහිපය ලිවීමට මෙම අධ්‍යක්ෂකවරයා පියවර ගෙන තිබෙනවා.
කෙසේ නමුත් නව තිරපිටපත් රචකයෙකු යොදා ගැනීම සම්බන්ධව නිෂ්පාදකවරයා අධ්‍යක්ෂකවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර ඇති අතර ඊට නොහැකි වී ඇත්තේ අධ්‍යක්ෂකවරයා නිෂ්පාදකවරයාව මග හැරීම හේතුවෙන් බවයි අපිට වාර්තා වන්නේ.
නිෂ්පාදකවරයාගේ කිසිදු දුරකතන ඇමුතමකට ප්‍රතිචාර නොදක්වා සිටි මෙම අධයක්ෂකවරයා තමන්ට රිසි සේ නාට්ටියේ කොටස්ද විකෘති කර තිබෙනවා.
එමෙන්ම පුදුමය දනවන කරුණ වී ඇත්තේ නව තිරපිටපත් රචකයෙකු නාට්ටියට සම්බන්ධ වී සිටින බව නිෂ්පාදකවරයා දැනගෙන ඇත්තේ අදාළ නාලිකාව මගින් නාට්ටිය විකාශය කිරීමෙන් පසු එය යූටියුබ් අවකාශය මත මුදා හැරීමෙන් පසුව එය නැරඹීමෙන් වන අතර පසුව මේ සම්බන්ධව විමසීමට නිෂ්පාදකවරයා අධ්‍යක්ෂකවරයාට දුරකථනයෙන් අමතා ඇති අතර අධ්‍යක්ෂකවරයා එම දුරකථන ඇමතුම්ද මග හැර තිබෙනවා.
එමෙන්ම පොත ඇසුරින් නිර්මාණය කරන ලද මෙම නාට්ටියේ කරුණු විකෘති කිරීම හේතුවෙන් රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් නිෂ්පාදකවරයාට පැමිණිලි කර ඇති අතර මේ සම්බන්ධව නිෂ්පාදකවරයා විමසීමේදී අධ්‍යක්ෂකවරයා නාට්ටියේ ගැටලු ඇති කර ඇති බවත් වාර්තා වෙනවා.
මේ සම්බන්ධව අධ්‍යක්ෂකවරයාගෙන් විමසීමට උත්සාහ දරණ හැම අවස්ථාවේදීම අධ්‍යක්ෂකවරයා දුරකථන විසන්දි කර සැඟව සිට ඇති බවත් අපිට වාර්තා වුණා.
තවද මෙම කියන අධ්‍යක්ෂකවරයා සරාගි ඇසුරට ප්‍රිය කරන්නෙකු බවයි අපිට වාර්තා වුණේ.
මේ සියල්ලම අධ්‍යක්ෂකවරයා සිය ආදිපත්‍ය ගෙන කටයුතු කර ඇත්තේ නිෂ්පාදකවරයා විදෙස්ගතව සිට ඇති කාලයේ වන අතර මේ හේතුවෙන් නිෂ්පාදකවරයාද දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා. කෙසේ නමුත් ඔහු දිවයිනට පැමිණි පසු අධ්‍යක්ෂකවරයාට දැඩි ලෙස දෝශාරෝපණය කර ඇතැයිද අපිට වාර්තා වුණා.
නාට්ටියකට කිසිදු වැදගත්කමක් නැති රංගන ශිල්පීන් ශිල්පිනියන් යොදා ගැනීම තුළින් මුලින් නිෂ්පාදකවරයාට ඉදිරිපත් කර තිබූ නාට්ටියේ වියදම් පසුව අසීමිත ලෙස ඉක්මවා ගොස් ඇති අතර අපට වාර්තා වුණු අන්දමට සුපිරි ගණයේ චිත්‍රපටයක් නිර්මාණය කිරීමට වියදම් වන මුදලක් අධ්‍යක්ෂකවරයා නිෂ්පාදකයාගෙන් ලබා ගෙන තිබෙනවා.
අධ්‍යක්ෂකවරයා ඇතුළු ඔහුගේ නිෂ්පාදන කණ්ඩායම නිෂ්පාදකවරයාගේ මුදල් ව්‍යාජ බිල් දමා ලබා ගන්නා ලද උත්සාහය හේතුවෙන් නාට්ටියේ රඟපාන ලද රංගන ශිල්පීන් ශිල්පිනයන්ද දැඩි ලෙස අසරණ වී තිබෙනවා.
එමෙන්ම මින් පෙර අධ්‍යක්ෂකවරයාට නාට්ටියේ සිටි පිරිසට ගෙන ලෙස නිෂ්පාදකවරයා ලබා දුන් මුදල්ද අධ්‍යක්ෂකවරයා අදාළ පිරිස් වෙත ලබා නොදි තිබෙනවා. ඒ අනුව අදාල සියලු මුදල් අධ්‍යක්ෂකවරයා ඔහුගේ වියදම් සඳහා යොදාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් සුපිරි චිත්‍රපටයකට යොමු කරන මුදල් අධයක්ෂකවරයා නිෂ්පාදකයා රවටා ලබා ගැනීමෙන් නිෂ්පාදකවරයාට රුපියල් ලක්ෂ ගණනින් පාඩු සිදුව ඇති බවත් අපිට අදාළ නාලිකාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වුණා.
එමෙන්ම මෙම නාට්ටියේ සම්පූර්ණ කොටස් රූගත කර ඇත්තේ සහාය අධ්‍යක්ෂකවරයා බවයි අපිට වාර්තා වෙන්නේ.
ඉතිං අවසන් වශයෙන් අපට පැවසීමට ඇත්තේ ලංකාවේ කලාව විනාශ කරන මෙවැනි අධයක්ෂකවරුන් ක්ෂේත්රයෙන්ම පන්නා දැමිය යුතු බවයි. නිෂ්පාදකයින් රවටා කරන මෙවැනි වැඩ වලින් සිදුවන්නේ ඉදිරියේදී කලා ක්ෂේත්රයට දරුණු පහරක් එල්ල වීමත් හොඳ නිර්මාණ කිරීමට සිටින යහපත් අධ්‍යක්ෂකවරුන්ට නිෂ්පාදකවරුන් සොයා ගැනීමට නොහැකි වීමයි.