ඇසිදිසි කලාවේ අපේකම රැගෙන ITV නාලිකාව විකාශන කටයුතු අරඹයි

ශ්‍රී ලාංකේය රූපවාහිනී ප්‍රේක්ෂකාගාරය දැනුමින් අගතැන් කරමින්, සුභාවිත වින්දනීය අත්දැකීම් වලින් පෝෂනය කිරීමේ අරමුණෙන්, Power Hands Media Network යටතේ ITV නාලිකාව ජනගත කිරීම පසුගිය 21දා සිදුකෙරුණා.
ඒ පවර් හෑන්ඩ්ස් ප්ලාන්ටේෂන් ප්රමුඛ පවර් හෑන්ඩ්ස් හෝල්ඩින්ගස් සමූහයේ සභාපති ආචාර්ය ප්‍රභාත් කුලසිංහ මහතාගේ සහ කළමනාකාර අධ්යක්ෂ ෂැරෝන් ජූලියා ලුඩ්වික් මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
Power Hands Plantation ප්රමුඛ Power Hands Hordings හි සභාපතිත්වය දරන ආචාර්ය ප්‍රභාත් කුලසිංහ මහතාගේ අනාගතවාදී සංකල්පයකට අනුව ආරම්භ කෙරුනු මෙම ITV නාලිකාව Peo TV අංක 125 ඔස්සේ සහ Freesat 25 ඔස්සේ විකාශය සිදුවෙනු ලබනවා.
ITV නාලිකාව ඇසිදිසි කලාවේ අපේකම යන තේමාවෙන් යුතුව ක්‍රියාත්මක වන අතර දිනපතා උදෑසන 4 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා විකාශය ක්‍රියාත්මක වෙයි.
සමාරම්භක මොහොතේ අදහස් එක්කරමින් ආචාර්ය ප්‍රභාත් කුලසිංහ මහතා සදහන් කළේ, විශ්වයම තාක්ෂණය ඔස්සේ අතැඹුලක් ව ඇති මොහොතක සන්නිවේදන කාර්ය ඉතා ප්‍රභල සාධකයක් වන බවය.
ITV හි මූලික අරමුණ ආනන්දයෙන් ප්‍රඥාව කරා ප්‍රේක්ෂකයාව රැගෙන යාමට දැනුම මුල්කොට ගත් වින්දනීය අත්දැකීමක් ප්රේකෂකාගාරයට ලබා දීම බවත් සභාපතිවරයා මෙහිදී සදහන් කරන ලදි.
100 කට අධික වැඩසටහන් ප්‍රමාණයකින් විකාශය සදහා අන්තර්ගත වන අතර ලෝක ඉතිහාසයේ අද වැනි දිනෙක, මට මතකයි , මගේ පුංචි කාලේ , Film Reading, Power Talk , කතන්දරයක් අහමු , One Twenty Minutes, Your Dream Home, Sports Mag , Beauty Today, ආදරෙයි අම්මා , සංකථන සභාව , Auto Mobile Mag, නලියන පොඩිත්තෝ , සූර්යෝදය ,දිනන රට , Market Show , වැවිලි , ජනකලාව , Free Chat, බෝමළුව , Biz Talk , පැහැසර ගී ප්‍රභාෂ්වර , Music Noon , Weekend Hits, Chat with Chart, Bolleywood Times , Life Tips , උරුමයයි මේ අපේ , Paws & Play , Tecnics , ටැබ්ලොයිඩ් , අපේ ඉස්කෝලේ ,ආදරෙයි තාත්තා , කිතුනු වන්දනා , Art Mag, මංගල්යාභිශේකය , සිප් නැණස , වාරි , දන්න නොදන්න නීතිය , සුදම් සභාව, තුන්සරණේ සරණයි , කැකුළු කොදෙව්ව , කරළිය , Industry Talk , නාරි , තරු මන්දාකිනී, ව්‍යවසායක ශක්ති, දස දෙස රැස , කියවන පත්තරේ , තුරුණු , Win Mind , සද්ධර්මාර්ථ දහම් මිණි , දිනන දරුවෝ , පින්බිම් පුරාවත , Family Doctor with I , ඇසූ නොඇසූ කතා, වෙදගෙදර අඩපැය , Economy Focus , Industry Road Map , රසෝඝ සඳපාන , ගිරිශිඛර, Biz Week , Talk to I , රට පිටරට, Big Screen , පොත් ගුල , ඇදහැලෙන රිදී නදී , අපූරු මිනිස්සු , Travel Map , The Biz Winner , ලෝකෙ වටේ හතර අතේ , ඇග්රි Today , හෙළ අහරේ රස මිහිර , සුන්දර වෙරළ දිගේ , කොලොම්පුරේ ශ්‍රියා, පිට දීප දේශ ජයගත්තෝ, ග්‍රහචාරය, විසිතුරු විදුලොව , ඔසුතුරු වගතුග , වන මං දිගේ ආදී වැඩසටහන් රැසක් ඒ අතර වෙයි.






